Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 3443 දෙනා අතරින් වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් හදුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 822 ක්.

කොළඹ 674 ක්, කලුතර 287ක්, කුරුණෑගල 248ක්, ත්‍රිකුණාමලය 204ක්, හම්බන්තොට 117ක්, රත්නපුර 190 ක්, ගාල්ල 182ක්, මාතර 108ක්, කෑගල්ල 97ක්, මහනුවර 85ක්, යාපනය 84ක්, බදුල්ල 60 ක්, අනුරාධපුර 58ක්, නුවරඑළිය 48ක්, මාතලේ 45ක්, පොළොන්නරුව 43ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වුණා.

අවම අගයන් ලෙස පුත්තලම 29, මොණරාගල 19ක්, වවුනියා 12ක්, මඩකලපුව 10ක්, අම්පාර 07ක්, කිලිනොච්චි 08ක් සහ මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් දෙදෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

විදේශයන්හි සිට පැමිණි දෙදෙනෙකුද ඊයේ දිනයේදී ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

The post ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG