Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

UPDATE : නැවේ රසායන ද්‍රව්‍ය කාන්දු වීමක් නැහැ; ගින්න පාලනය කෙරේ -නාවික හමුදාව (VIDEO)  

Add comments

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබූ ප්‍රවාහන නෞකාවක ගින්නක් ඇති වුණා. එය නිවා දැමීම සදහා මේ වනවිට නාවික හමුදාව සාර්ථක ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් නවයයි දශම පහක් දුරින් නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකුයි මෙලෙස ගිනි ගැනීමට ලක් වුණේ. ඊයේ දවල් කාලයේ දී මෙම ගින්න ඇති වූ බවට නාවික හමුදාවට තොරතුරු ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිදු රළ නෞකාව සහ ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් මෙන්ම වේග ප්‍රහාරක යානාවක් යොදා ගනිමින් ගින්න පාලනය කිරීම සදහා කටයුතු කෙරුණා. වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවක්ද එ ම ප්‍ර දේශයට යවා තිබෙනවා. නැවෙහි තිබූ රසායන ද්‍රව්‍ය කාන්දු වීමක් සිදුව නොමැති බව ද නාවික හමුදාව තහවුරු කළා.

තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වරාය පරිශ්‍රයට පැමිණියා.

The post UPDATE : නැවේ රසායන ද්‍රව්‍ය කාන්දු වීමක් නැහැ; ගින්න පාලනය කෙරේ -නාවික හමුදාව (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG