Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නට ජපාන රජයේ සහාය  

Add comments

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නට ජපාන රජයේ සහාය ලැබී තිබෙනවා.

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් ජපාන රජය සීතලදාම ආධාරක උපකරණ 750 ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඉන් 500 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම සිදුවුණේ පළමු අදියර යටතේයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා එය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදීයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිට ක්ෂේත්‍ර යේ එන්නත්කරණ අවස්ථාවන් දක්වා ආරක්ෂිතව හා නියමිත උෂ්ණත්වය යටතේ එන්නත් රැගෙන යාමට මෙම සීතලදාම ආධාරක උපකරණ උපකාරී වනවා.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ සම්බන්ධීකරණයෙන් ජපාන රජය ලබාදුන් මෙම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 65 කට අධිකයි.

 

 

The post කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්නට ජපාන රජයේ සහාය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG