රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය අද (04) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.
එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබුවේය.
ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය රුසියානු තානාපති ඇලෙක්සි බුදනොව් මහතා විසින් සංකේතාත්මකව එම එන්නත් තොගය බාරදී ඇති අතර එම අවස්ථාවට ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
The post ස්පුට්නික් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය දිවයිනට appeared first on ITN News.
Post a Comment