කොවිඩ් වසංගත අවධානම හමුවේ සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සදහා ජාතික අක්ෂි රෝහල මඟින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංක, අදාළ සායන දිනයන්හී දී පමණක් අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවත්, මෙමගින් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ්‍රය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම මුලික අරමුණ බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්.එල්.එල් යූ.සී කුමාරතිලක මහත්මිය සදහන් කරයි.
The post ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සඳහා විශේෂ දුරකථන සේවාවක් appeared first on ITN News.
Post a Comment