Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ නීති ප්‍රතිශෝධනයට තේරීම් කාරක සභාවක් පත් කිරීම ගැන මැතිවරණ කොමිසමේ ප්‍රසාදය  

Add comments

මැතිවරණ නීති ප්‍රතිශෝධනයට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රසාදය පළකරන බව මැතිවරණ කොමිසන් සභාව සදහන් කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව රාජකාරී ආරම්භ කළ දිනට පසුදිනම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් එය ක්‍රියාවට නැංවීම පිළිබද ව්‍යවස්ථා දායකයට මෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙතත් සභානායක,  විපක්ෂ නායක ඇතුළු යෝජනාව ඒකමතිව සම්මත කළ මන්ත්‍රිවරුන්ට ප්‍රණාමය පුදකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක යහපැවැත්ම කෙරෙහි ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය හා මග පෙන්වීම ප්‍රබල සාධකයක් වනවා. දේශපාලනික වෘත්තීයමය හා ගුණාත්මක ව්‍යවස්ථාදායකයක් පත්කර ගැනීමේදි ජනතාවට ඇති අයිතිය හා බලය වඩාත් නිවැරදිව  ප්‍රකාශ කිරීමේ පසුබිම සකසා ගත හැක්කේ මැතිවරණ ක්‍රියාවලිය හරහායි. දැනට පවතින මැතිවරණ නීති එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් නොවේ. නව නීති හා තාක්ෂණය ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාව 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිට මේ දක්වාම පැවති මැතිවරණ ක්‍රියාවලිය මගින් හා අධිකරණ තීන්දු මගින් පෙන්නුම් කර තිබෙනවා.

යෝජිත නීති ප්‍රතිසංස්කරණ මගින් අපේක්ෂාකරන ඵලදායිතා විශ්වසනීය ප්‍රජාතාන්ත්‍රීය ව්‍යවස්ථාදායකයක් පත්කර ගැනීමට අදාළ යෝජනා හා අදහස් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසයි එම කොමිසම් සභාව ඉල්ලා සිටින්නේ.

 

 

The post මැතිවරණ නීති ප්‍රතිශෝධනයට තේරීම් කාරක සභාවක් පත් කිරීම ගැන මැතිවරණ කොමිසමේ ප්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG