හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන මහබැංකු බැදුම්කර නඩුව ජුනි මස 7 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
2015 වසරේ පෙබරවාරි මාසයේ සිදුකළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688කට අධික බැදුම්කර සාවද්‍ය පරිහරණය කළ බවටයි අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට චෝදනා එල්ලවී ඇත්තේ. එම නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත හා නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට නියමිතව තිබුණා.
එහෙත් පවත්නා කොරෝනා තත්ත්වය හමුවේ නඩුව ජුනි 07 වනදා දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියම කළබව කොළඹ මහාධිකරණයේ ලේඛකාධිකාරීවරයා නිවේදනය කළා. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් ටෙසරීස් සමාගම හා එහි හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් හා අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් නම් කර තිබෙනවා.
The post අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 දෙනෙකුට එරෙහි නඩුව ජුනි 7 වනදා කැදවන ලෙස නියෝග appeared first on ITN News.
Post a Comment