මනම්පිටිය දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් තුවාල ලැබුවා.
පොළොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ මනම්පිටිය හරස් මාර්ගයේදී ඉන්දන ප්රවාහන දුම්රියක භාණ්ඩ බෙදාහරින ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුවුණා. එහිදී 50 හැවිරිදි පුද්ගලයෙකු හා 40 හැවිරිදි කාන්තාවක තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ රාජකාරියට යොදවා සිටි සේවකයින් එය පැහැර හැර තිබූ බවයි මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.
The post මනම්පිටිය දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment