Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලේ බැංකුවල පවතින ලේ හිගය පියවීමට පරිත්‍යාගශීලීන්ගෙන් ඉතා හොද ප්‍රතිචාර  

Add comments

ලේ බැංකුවල පවතින ලේ හිගය පියවීම සදහා දිවයිනේ ස්ථාන රැසක සාර්ථක ලෙස ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ලේ පරිත්‍යාග කරමින් පසුගියදා ජනතාවගෙන් කළ ඉල්ලීමට මේ වනවිට ඉතා හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

වන්නි තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් සංවිධාන කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වව්නියාව නගරයේදී පැවැත්වුණා. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් විවිධ ජන කොටස්වලට අයත් ජනතාව මෙම වැඩසටහනට එක්ව සිටියා. වව්නියාව මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය මේ සදහා සහයෝගය දක්වා තිබුණා.

මධ්‍යම පළාත් සභාවේ විගණන දෙපාර්තමේන්තුව සංවිධාන කළ ලේ දන්දීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ දී පැවැත්වුණා. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි ජයරත්න, පළාත් විගණන අධ්‍යක්ෂ එම් එල් අබ්දුල් කාදර් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මහනුවර ජාතික ලේ බැංකුවේ දායකත්වය ද ඊට හිමිවුණා.

The post ලේ බැංකුවල පවතින ලේ හිගය පියවීමට පරිත්‍යාගශීලීන්ගෙන් ඉතා හොද ප්‍රතිචාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG