කොරෝනා ව්‍යාප්තිය පැවතිය ද දුම්රිය ධාවනය හෙට දිනයේදී සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුකූලව දුම්රිය ධාවනය සිදු කෙරෙන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේ. ඒ සදහා යුද හමුදාවේද සහාය ලබාගැනීමට නියමිතයි. කෙසේ වෙතත් දුර ගමන් සේවා කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ අතර මගී ප්‍රවාහන බස් රථ සංඛ්‍යාව හෙට සිට සියයට 25 ක් දක්වා පහත දැමීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.
The post කොරෝනා ව්‍යාප්තිය පැවතිය ද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි appeared first on ITN News.
Post a Comment