ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කොළොම්බියාවේ බොගෝටාහි පැවති රැලියකදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
ජනාධිපති අයිවන් ඩුකීගේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කම්කරු දින පෙලපාලියට එක් වූ පිරිස් විරෝධතා ව්‍යාපාර පැවැත්වුවා. මෙහිදී විරෝධතාකාරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. බදු ඉහළ නැංවීම ඇතුළු ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනා රැසකට විරෝධතාකරුවන් සිය විරෝධය පල කළා. ඔවුන් දේපලවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසීරිමත් සමග කැරලි මර්දන හමුදා වහා ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය සදහන් කළා
The post කොළොම්බියාවේ පැවති රැලියකදී ගැටුම්කාරී තත්වයක් appeared first on ITN News.
Post a Comment