Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේ සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමකින් විකිණීම සඳහා සූදානම් කළ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ  උතුරු මැද නාවික විධානය මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම, සායිඩ් සිටි ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී විකිණීම සඳහා සූදානම් කරන ලද කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 450 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

‍පවත්නා කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 21 ක් වන මන්නාරම, සෙල්ව නගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, අදාල සැකකරු සහ ඔහු සතුව තිබූ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

The post කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG