Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි දින කිහිපයේදී යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක්  

Add comments

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි.

උතුරුසහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.

The post ඉදිරි දින කිහිපයේදී යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG