ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත ගුවන් මඟින් ගොස් නැවත ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ප්‍රදේශය වෙත කුඩා යාත්‍රාවකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු සමඟ එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු මෙරටට රැගෙන පැමිණි යාත්‍රාවේ සිටි ජාවාරම් කරුවන් දෙදෙනා (02) සහ මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලදී. මෙම සියලුම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගැනීමෙන් පසු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මාර්ගයෙන් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.
තවද, මෙවැනි නීති විරෝධී ක්‍රියා මඟින් සාගර දේශ සීමා හරහා රට තුලට කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙයි.
The post නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුලු වීමට උත්සාහ කළ පස් දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.
Post a Comment