බ්‍රසීලයේ ඇමේසන් වනාන්තර ආශ්රිත ප්‍රදේශවලට වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඇමේසන් වැසි වනාන්තර ආශ්රිත ප්‍රදේශවල ගංගා පිටාර ගැලීමේ මට්ටමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රදේශවල පිරිස් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ද පීඩා විදිනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂ 4 ක පමණ පිරිසක් දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා.
විපතට පත්වූ පිරිස් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම ද අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.
වනාන්තර කලාපය ආශ්රිත ප්‍රදේශයේ සිදුවන සීඝ්‍ර වන විනාශය මෙම කාලගුණික විපර්යාසයන්ට හේතුවී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
The post බ්‍රසීලයේ ඇමේසන් වනාන්තර ආශ්රිත ප්‍රදේශවලට වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment