සටන් විරාම ගිවිසුමකට එළඹ සිටිය ද ඊශ්රායලය සහ පලස්තීනය අතර වරින් වර ගැටුම් වාර්තා වනවා.
බටහිර ඉවුරේ තනා ඇති ඊශ්රායල ජනාවාසවලට එරෙහිව පැවැති උද්ඝෝෂණයක දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් ඊශ්රායල හමුදා නිලධාරියෙක් එල්ල කළ වෙඩි ප්රහාරයකින් පලස්තීන ජාතිකයෙක් මිය ගියා.
එම ඝාතනයත් සමග දෙපාර්ශවය අතර ගැටුම් නැවතත් උත්සන්න වුණා.
ඊශ්රායල හමුදා වෙත ගල් ප්රහාර එල්ල කළ අතර ටයර් පුළුස්සමින් ප්රචණ්ඩකාරී ලෙස කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
ඊශ්රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර දින 11 ක් පුරා පැවැති දරුණු සටන් නවතා දමා සටන් විරාමයකට එළඹුනේ මීට සතියකට පෙරයි.
The post සටන් විරාමය අතරතුරත් ඊශ්රායලය සහ පලස්තීනය අතර වරින් වර ගැටුම් appeared first on ITN News.
Post a Comment