Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් වෙනුවෙන් සහන මල්ලක්  

Add comments

කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් වෙනුවෙන් රුපියල් දස දහසක සහන මල්ල නිවසටම ගෙනගොස් ලබා දීමේ වැඩපිළිවෙල මේ වෙනකොට සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

නිරෝධායනයට ලක්වන පවුල් තිස් දහස් දෙසිය හැට දෙකක් සදහා මෙම සහන මල්ල හිමිවන බවයි කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා සදහන් කළේ. දිස්ත්‍රික්කයේ මේ වන විට ආසාදිතයන් 13471 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගම්පහ ප්‍රදේශීය කොට්ඨාසය තුළ නිරෝධායනයට ලක්ව සිටින පවුල් 253 ක් සදහා වියළි ආහාර මළු නිවෙස් වෙත ගෙනගොස් ලබා දීම සිදු කෙරුණා. ඒ ප්‍රාෙද්ශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

රත්නපුර මහ නගර සභා සීමාවේ හුදකලා කර ඇති ප්‍ර දේශවලට වියළි ආහාර සලාක බෙදාදීම සිදුවුණා. පවුල් 43 ක් සදහා රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර සලාක ලබාදීම සිදුවූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. තවත් පවුල් 143 කට රුපියල් පන්දහසක් බැගින් වටිනා වියළි සලාක බෙදාදීමක් සිදුවුණා.

 

 

The post කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් වෙනුවෙන් සහන මල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG