Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

LTTE ත්‍රස්තවාදයට තිත තබා වසර 12ක් සම්පූර්ණ වීම ස්ථාන රැසකදී සැමරේ  

Add comments

තිස් වසරක කුරිරු යුද්ධයක් නිමා කර එල්ටීටීඊ මිලේච්ඡ ත්‍රස්තවාදයට තිත තබා වසර දොළහක් සම්පූර්ණ වීම ඊයේ දිවයිනේ ස්ථාන රැසකදී සැමරීමට ලක්වුණා.

මහනුවර මයිලපිටිය ජාතික රණවිරු උද්‍යානයේ දී රණවිරු සැමරුමක් පැවැත්වුණේ රාජ්‍යඅමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්. ආගමික වතාවත් සිදුකොට රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සහ පහන් දැල්වීම මෙහිදී සිදුවුණා. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිනි රාජරත්න සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා.

රත්නපුර නව නගරයේ රණවිරු ස්මාරකය අසලදී ද රණවිරු සැමරුම්  උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන්.

රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක, ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් වුණා. සබරගමු පළාතේ රණවිරුවන් 2539 දෙනෙකු යුද්ධයේ දී දිවි පුදා ඇති අතර 2043 දෙනෙකු ආබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා.

 

The post LTTE ත්‍රස්තවාදයට තිත තබා වසර 12ක් සම්පූර්ණ වීම ස්ථාන රැසකදී සැමරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG