එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් සියයට හැටක පමණ, කුමක් සිදුවූයේ දැයි නොදන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ගිනි ගැනීමෙන් පසු ගිලුණු මෙම නෞකාවේ භාණ්ඩවර්ග 190කට අධික ප්‍රමාණයක් තිබුණු අතර එයින් වැඩිපුර තිබී ඇත්තේ ප්ලාස්ටික් බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. කෙසේ වුවද මෙම නෞකාවෙන් වෙරළට ගොඩ ගසා තිබූ ද්‍රව්‍ය බහාලුම් 44ක දමා වත්තල ප්‍රදේශයේ රදවා තිබෙනවා.
ඒවායෙහි ප්ලාස්ටික් ටොන් 1034ක් අන්තර්ගත බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ. කෙසේ වුවද නැවේ තිබූ ප්ලාස්ටික්වලින් වෙරළට ගොඩගසා ඇත්තේ සියයට 40ක් පමණයි. ඉතිරි සියයට හැටක ප්‍රමාණයට සිදුවූ දේ පිළිබද වාර්තාවී නැති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටින්නේ.
The post එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 60% ක් අතුරුදන් බව පරිසර ඇමති කියයි appeared first on ITN News.
Post a Comment