මෙරට මහා සංඝරත්නය වෙනුවෙන් ස්ථාපිත කළ පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද පෙරවරුවේ මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබුවා.
ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය සඳහන් කළේ මහනුවර – වැව රවුමේ සංඝරාජ මාවතේ පිහිටි පෞද්ගලික හෝටලයක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි.
සංචාරක කටයුතු අත්හිටුවා තිබෙන බැවින් හෝටලයේ හිමිකරු තාවකාලිකව එය කොරෝනා ආසාදිත භික්ෂූන් වහන්සේට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදී තිබෙනවා.
දළදා මාළිගාව කොරෝනා ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ එක්කර අද එය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබෙනවා.
The post මහා සංඝරත්නය වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය මහනුවර appeared first on ITN News.
Post a Comment