රුසියාවේ මොස්කව් අගනුවර අවන්හල් හා ආපනශාලාවලට ඇතුළුවීමට වයිරසයට එරෙහි එන්නත් ලබා ගෙන තිබීම අනිවාර්ය කර තිබෙනවා.
මොස්කව් අගනුවර අවන්හල් හා ආපනශාලාවලට ඇතුළුවන සෑම පුද්ගලයෙකුම QR දත්ත භාවිතයෙන් තමන් වයිරසයට එරහි එන්නතක් ලබා ගෙන ඇති බව තහවුරු කළ යුතු වනවා. රුසියාව මේ වන විට මුහුණ දී ඇති වයිරස ව්‍යාප්තිය මැඩලීමටයි මෙම නව නීතිය හඳුන්වා දී ඇත්තේ. ඊට අමතරව PCR පරික්ෂණයක් මගින් තමන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු කළ පුද්ගලයින්ට ද අවන්හල් හා ආපනශාලා තුලට ඇතුළුවීමට අවසර හිමිවනවා. මෙම ක්‍රමවේද භාවිත නොකරන පාරිභෝගිකයින් හට එළිමහනේදී ආහාර ලබාදීමටයි ආපනශාලා හා අවන්හල්වලට රජය නියෝග කර ඇත්තේ.
The post මොස්කව් අගනුවර අවන්හල් හා ආපනශාලාවලට ඇතුළුවීමට එන්නත් ලබා ගෙන තිබීම අනිවාර්ය කෙරේ appeared first on ITN News.
Post a Comment