රටට අවශ්‍ය කාබනික පොහොර නිශ්පාදනයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද ඉදිරිපත්ව සිටිනවා.
ඉඩම් අමාත්‍යාංශය යටතේ ස්ථාන 2ක කාබනික පොහරෙ නිශ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කෙරුණා. තලාව නල්ලච්චිය ඔරුගල් යාය යන ප්‍රදේශවල මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. පොහොර මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3ක් නිශ්පාදනය කිරීම මෙහි අරමුණයි. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථාන විවෘත කෙරුනා.
කුරුණැගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අවශ්‍ය පොහොර එම දිස්ත්‍රික්කය තුළදීම නිශ්පාදනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසනවා. පන්නල මාකදුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිශ්පාදන අංගනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාද මෙම අවස්ථාවට එක් වුණා.
කාබනික වගාව සදහා පාසල් සිසුන් යොමු කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව සබරගමුව පලාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා.පැල්මඩුල්ල බොරාල ප්‍රදේශයේ පිහිටි පාසැල් කෘෂිකර්ම මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මහ කන්නය සදහා අවහ්‍ය පොහොර කිලෝග්‍රෑම් ලක්ෂ 5ක් නිශ්පාදනය කර ගොවීන්ට ලබා දීමේ වැඩපිලිවෙලක් දිවුලන්කඩවල යුදගනාව ප්‍ර දේශයේ පදිංචි රුවන් කපිල ද සොයිසා ක්‍රියාත්මක කරනවා. ප්‍ර දේශයෙන් සපයාගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මේවා නිශ්පාදනය කෙරෙනවා.
The post කාබනික පොහොර නිශ්පාදනයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද ඉදිරිපත් වෙයි appeared first on ITN News.
Post a Comment