Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂ 4ක් සාගතයකට මුහුණ දී සිටින බව UN පවසයි  

Add comments

ඉතියෝපියාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂ 4 ක පමණ පිරිසක් සාගතයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්‌ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයකදී එහි සාමාජිකයන් පැවසුවේ ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ පවතින ගැටුම්වලට මැදිවූ ළමයින් 33,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ හි කලාපීය හමුදාවන් අතර පවතින ගැටුම් හේතුවෙන් තවත් මිලියනයකට අධික පිරිසක් සාගතය අභියස සිටින බවයි එක්සත් ජාතීන්‌ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය සදුදා ඉතියෝපියානු හමුදාව ඒක පාර්ශ්වීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද තවදුරටත් එහි ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

The post ඉතියෝපියාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂ 4ක් සාගතයකට මුහුණ දී සිටින බව UN පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG