හෙද සංගම් ඇතුලු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මකව පවතිනවා.
හෙද උසස්වීම්, හෙද ව්‍යවස්ථාව සංශෝධනය සහ අතිකාල දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් 9 ක් මුල්කර ගනිමින් හෙද වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටිනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයයි වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටින්නේ.
මාතෘ සහ ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල සහ කොවිඩ් ප්‍රතිකාර රෝහල් සහ විශේෂ මධ්‍යස්ථානවල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවයි වෘත්තීය සමිති සදහන් කළේ. කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක හෙද වැඩවර්ජනය ක්‍රියාත්මකවීම හේතුවෙන් රෝගී ජනතාව අද දිනයේත් දැඩි අසීරුතාවට පත්ව සිටියා.
කොවිඩ් වසංගතය වැනි ව්‍යසන අවස්ථාවකට රට මුහුණ දී සිටින අවස්ථාවේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම අසාධාරණ බවයි ජනතාව පවසන්නේ.
හෙද වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව කොළඹ අක්ෂි රෝහලේ කටයුතු සුපුරුදු පරිදි සිදුකෙරුණා.
The post හෙද වර්ජනය දෙවන දිනටත් – රෝගීන් දැඩි පීඩාවට appeared first on ITN News.
Post a Comment