කැනඩාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 5 ක් තුළදී පුද්ගලයින් 486 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
උණුසුම සමග ඇතිවූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියාහි පිහිටි ලිටන් නගරයේ උණුසුම සෙල්සියස් අංශක 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රදේශයෙන් සියයට 90 ක භූමි ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇති බව ද වාර්තා වනවා.
10,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.
මහාමාර්ගවල යොදා ඇති තාර උණුවී ඇති හෙයින් ගමනාගමනය ද අඩාල වී තිබෙනවා.
The post කැනඩාවේ උණුසුමෙන් දින 5කදි පුද්ගලයින් 486ක් මරුට appeared first on ITN News.
Post a Comment