කෘෂිකර්මාන්තය වෙනුවෙන් කාබනික පොහොර යොදා ගැනීම සදහා රජය ගත් තීරණයට ගොවි ජනතාවගේ ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. කාබනික පොහොර භාවිතයෙන් වගාකර ඇති භෝග වලින් ඉහළ අස්වනු ලබා ගත හැකි බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.
වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් කාබනික පොහොර යොදා ගැනීමට ගොවි ජනතාව මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. එලෙස කාබනික පොහොර පමණක් යොදා ගනිමින් ඇල්ල ප්‍රදේශයේ සිදුකළ කහ වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා. තරුණයින් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ල දෙමෝදර ප්‍ර දේශයේ අක්කරයක පමණ භූමියක කහ වගාකර ඇත්තේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින්.
මේ අතර කසල උපයෝගී කර ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් මීරිගම ප්‍රාදේශීය සභාව ආරම්භ කර තිබෙනවා. දිනකට කසල මෙට්‍රික් ටොන් 5ක් පමණ යොදා ගනිමින් සකස් කෙරෙන කාබනික පොහොර සදහා මේ වන විටත් ඉහළ ඉල්ලුමක් පවතිනවා. තාක්ෂණික සහාය ලැබුණහොත් මෙය තවත් වර්ධනය කළ හැකි බව මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි මහතා පවසනවා.
The post කාබනික පොහොර පමණක් යොදා ගනිමින් සිදුකළ කහ වගාවෙන් ඉහළ අස්වැන්නක් appeared first on ITN News.
Post a Comment