Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආචාර්ය ගැමුණු සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

වාස්තු විද්‍යාවේ විශිෂ්ටයෙකු වූ ආචාර්ය ගැමුණු සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඒ මහතා 78 වන වියේ පසුවුණා.

වාස්තු විද්‍යාඥයෙකු මෙන්ම වරලත් ඉංජිනේරුවරයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ දින සිය දිවිමඩලට සමුදුන්නා. යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රය සදහා සිදුකළ මෙහෙය අතිමහත්. මාළිගාවිල බුදුපිළිමය,  තිස්සමහාරාම දාගැබ,  මිරිසවැටිය දාගැබ,  තිවංක පිළිමයගෙය මෙන්ම ගල්විහාර ප්‍රථිමා වහන්සේලා සුරක්ෂිත කිරීමට ගැමුණු සිල්වා මහතාගේ මැදිහත්වීම ප්‍රබලව දක්නට ලැබුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරූ ගැමුණු සිල්වා මහතා ප්‍රංශයේදී වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ගැමුණු සිල්වා මහතා එහි සාමාන්‍යාධිකාරී සහ සභාපති ධුරයත්,  නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය මෙන්ම පුරාවිද්‍යා උපදේශක සභා සාමාජිකත්වය ද හොබවා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙසින් ද ගැමුණු සිල්වා මහතා සිය සේවාව රට වෙනුවෙන් ඉටුකළා.

 

 

The post ආචාර්ය ගැමුණු සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG