ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව ඇයගේ මව සහ අනියම් ස්වාමිපුරුෂයා ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගත්තා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.
15 හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. එලෙස අත්අඩංගුවට ගත් මව සහ ඇගේ අනියම් සැමියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.
මේ අතර සිද්ධියට අදාළ විමර්ශනවලදී නාවික කපිතාන්වරයෙකු සහ මැණික් ව්‍යාපාරිකයෙකු ද සැකකරුවන් ලෙස හදුනාගත් බව පොලීසිය පවසනවා. 15 හැවිරිදි දැරියගේ දුරකතන දත්ත පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒ ඔස්සේ තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
The post ගල්කිස්සේ දියණිය අන්තර්ජාලයෙන් විකුණපු මවත්, අනියම් සැමියාත් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment