කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1,823 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හදුනා ගත්තා.
වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් 1,823 දෙනා අතරින් 267 දෙනෙකුම වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කළුතරින් 225 ක් කොළඹින් 170 ක් කුරුණෑගලින් 148 ක් රත්නපුරෙන් 124 ක් සහ යාපනයෙන් 90 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 262,795 ක්. 30,134 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 229,541 ක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 37 අතුරින් 28 දෙනෙකුම අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්. අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 8 දෙනෙකු ද මියගිය අය අතර වනවා.
මේ අතර කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 383,329 ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දහඅට ලක්ෂ හැත්තෑ හයදහස් දෙසිය අනූතුන්දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව 808,743 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 114,795 ක්. 14,427 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,823ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment