නිරෝධායන නීති කඩකල සහ අයුතු ජනරාශිය යන වැරදි සම්බන්ධයෙන් බෙරලන්ද නගරයේ දී ගොවි විරෝධතාවක් සහ රැළියක් සංවිධාන කළ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
බොරලන්ද නගරයේ දී රසායනික පොහොර ඉල්ලා විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් පැවැත්වුණේ පසුගිය පළමුවනදායි. නිරෝධායන නීති කඩකිරීම හා අයුතු ජන රාශිය යන චෝදනා යටතේ පස් දෙනෙකු බෝගහකුඹුර පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගත්තා. වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන එච් එම් කරුණාරත්න සහ අජිත් කුමාර යන දෙදෙනා ද ඒ අතර වනවා. ඔවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කෙරුණා.
ජනතා විමුක්ති පෙරමුණු හිටපු පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න යන දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ජයසේකර මහතා බෝගහකුඹුර පොලීසියට නියෝග කළා.
The post නාමල් සහ සමන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග appeared first on ITN News.
Post a Comment