Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී දරුවන්ට සිදුවූ තවත් අපරාධ රැසක් එළියට  

Add comments

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අමානුෂීය ලෙස දරුණු වධහිංසාවලට ලක් කරන ආකාරය මීට පෙර එම නිවසේ සේවය කළ දැරියක හෙළි කර තිබෙනවා.  ඉෂාලිනී දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදීයි මේබව හෙළි වී තිබෙන්නේ.

  • ඉෂාලිනීගේ සිරුර හෙට දිනයේ ගොඩගැනීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා.
  • රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරනවා.

දැරියගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය පසුගියදා කළ නියෝගට අනුව හෙට දිනයේ සිරුර ගොඩගැනීමට නියමිතයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් නුවරඑළිය මහේස්ත්‍රාත් ලුක්ෂිකා කුමාරි ජයරත්න මහත්මිය හමුවේ බී වාර්තාවක් මගින් අද කරුණු වාර්තා කළා. ඇයගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා විශේෂඥයින් තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර තිබෙනවා. එමෙන්ම දැරියගේ සිරුර මිහිදන්කර ඇති ඩයගම බටහිර වත්ත තුන්වන කොටසේ පිහිටි සුසාන භූමියට තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.

දැරියගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ඩයගම ප්‍රදේශයට ගොස් සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායම බොහෝ පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය සදහා අදාළ තැරැව්කරු බාලවයස්කාර දැරියන් ඇතුළු 11 දෙනෙකු රැගෙන විත් ඇති බවටයි හෙළි වුණේ. විශේෂ පොලිස් කණ්ඩායම ප්‍රකාශ ලබා ගැනීමේදී බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි තවත් දැරියක් ඇයට කෘෘර ලෙස වධහිංසා කළ ආකාරය හෙළි කර තිබෙනවා. බදියුදීන්ගේ නිවසේ වැසිකිළි නිසි ලෙස පිරිසිදු නොකළ බව පවසමින් බදියුදීන්ගේ බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ කොමඩ් එකේ ඔබා එම වතුරෙන් නාවන බවටයි ඇය හැඩූ කදුළින් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

බොහෝ අවස්ථාවලදී ඉදුල් වතුරෙන් පහර දුන් අවස්ථා පිළිබදවද ඇය හෙළි කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙනතුරු පහරදීම් සිදු කර ඇති බවද හෙළිව තිබෙනවා. මෙම නිවසේ මෙහෙකාර සේවයට පැමිණි තරුණියන් දෙදෙනෙකු මීට පෙර අවස්ථාවලදී අභිරහස් අන්දමින් මියගොස් ඇති බවටද පොලිස් විමර්ශනවලින් හෙළි වුණා. එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති අතර අනෙක් තරුණිය හදිසියේම ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවටයි හෙළි වී තිබෙන්නේ. බදියුදීන්ගේ බිරිද මෙන්ම පවුලේ සාමාජිකයන්ද මෙහෙකාර සේවයට පැමිණි සියලු දෙනාට අමානුෂික ලෙස කෘෘර වධහිංසා  සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙන්නේ. එමෙන්ම මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරාට දැරියක දූෂණය කිරීමේ චෝදනා යටතේ අධිකරණය 2007 වසරේදී සිරදඩුවම් නියම කර තිබෙනවා. ඔහුට අධිකරණය වසර 15 ක සිරදඩුවම් නියම කර ඇති අතර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටියා. පසුගිය 2016 වසරේ ඔහු බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

දැරියගේ මියයාමේ සිද්ධියට අදාළව අදත් ස්ථාන කිහිපයක දී විරෝධතා පැවැත්වුණා. නාවලපිටිය, කැටබුලාව වත්තේ කම්කරුවන් පිරිසක් විරෝධතාවක් පැවැත්වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

හැටන් නගර මධ්‍යයේ පැවති විරෝධතාවට ද විශාල පිරිසක් සහභාගිවී සිටියා.

හැටන් ඇබෝස්ලි වතුයායේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිටදී ද උද්ඝෝෂණයක් පැවැත්වුණේ වතුකම්කරු ජනතාවගේ සහභාගීත්වයෙන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සියලු දෙනාට උපරිම දඩුවම් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

මේ අතර  ළමයින් යොදාගෙන සිදුකෙරෙන අසභ්‍ය දර්ෂණ සහිත වීඩියෝපට අන්තර්ජාලයට නිකුත්කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා. පසුගිය ජුනි මස 17 වනදා සිට ඊයේ දිනය දක්වා එවැනි වීඩියෝපට 17,629 ක් පිළිබද විමර්ශන එම ඒකය මගින් සිදුකරනවා.

 

The post රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී දරුවන්ට සිදුවූ තවත් අපරාධ රැසක් එළියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG