රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ සිරුර ගොඩගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
දැරියගේ දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා විශේෂඥ කමිටුවක් ද පත්කෙරුණා. එම විශේෂඥ කමිටුවේ අධීක්ෂණය යටතේ නිරෝධායන නීතීන්වලට අනුව සිරුර ගොඩගැනීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.
සිරුර ගොඩගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.
The post බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment