කෘෂිකර්මාන්තය සදහා කාබනික පොහොර යොදාගැනීමට රජය ගත් තීරණයත් සමඟ ගොවිජනතාව සිය කටයුතු ආරම්භකර තිබෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය සදහා ද ගොවි ජනතාව දායකත්වය ලබාදෙමින් සිටිනවා.
මහවැලි කලාප දහය සදහා පොහොර අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 14 ක් පමණ වන බව මහවැලි කෘෂිකර්ම අධ්යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව මහවැලි කාබනික වගා ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මකයි. වී සහ වෙනත් භෝග සදහා කාබනික පොහොර නිෂ්පාදනය සදහා දිරි ගැන්වීම, අලෙවිය සදහා පොහොර නිෂ්පාදනයටත් පියවර ගැණෙනවා. සිරිපාල ගම්ලත් සහ විමලවීර දිසානායක යන මහත්වරුන් එම ප්‍රදේශවල සංචාරය කරමින් එම කටයුතු සොයා බැලුවා.
මාරවිල හාල්පන්විල ප්‍ර දේශයේ පදිංචිව සිටි අනුර දේශප්‍රිය මහතා දීර්ඝ කාලයක් විදෙස්ගතව සිට පැමිණිමෙන් පසු කාබනික පොහොර යොදා ගනිමින් කෙසෙල් සහ කහ වගාවන් සිදුකිරීම ආරම්භකර තිබෙනවා. මේ වනවිට සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතින බවයි ඔහු පවසන්නේ.
ගම්පහ, ගොඩගෙදර, උත්තරමූල පිරිවෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය මැදගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විහාරස්ථ භූමිය තුළ එළවළු, පළතුරු ඇතුළු වගාවන් රැසක් සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. එම වගාවන් සදහා උන්වහන්සේ භාවිත කරන්නේ විහාරස්ථ භූමිය තුළම නිෂ්පාදනය කරන කාබනික පොහොර පමණයි.
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ ගොවි ජනතාව කාබනික පොහොර නිෂ්පාදනය සහ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගැණුනා. ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ මැදිහත්වීමෙනුයි එම කටයුතු සිදුකෙරුණේ.
The post මහවැලි කාබනික වගා ප්‍රවර්ධන සතියක් appeared first on ITN News.
Post a Comment