විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු විසදීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. පවතින ගැටලු සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ඊයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. මේ සදහා අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් සහ ගුරු වෘත්තිය සමිති කිහිපයක් සහභාගි වුණා. කෙසේවුවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, තම වෘත්තිය ක්‍රියාමාර්ගය නතර කිරීමට නම් රජය තම ගැටලු පිළිබද අවබෝධ කරගත යුතු බවයි.
අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් මෙම ගැටලුව විසදීම සදහා කටයුතු කරන බවයි.
The post විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු විසඳීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් appeared first on ITN News.
Post a Comment