ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ජගත් සංවිධානය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.
2015 වසරේ දී ඉරානය හා ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් එළඹි න්‍යෂ්ටික එකගතාවයන්ට අනුව ක්‍රියා කරමින් සම්බාධක ඉවත්කර ගැනීමට කටයුතු කරන ලෙස ජගත් සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා සිටිනවා. ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වළක්වාලීමට නම් මෙම පියවර අනිවාර්යයෙන් ගත යුතු බවයි ඔහු තවදුරටත් සදහන් කරන්නේ.
ට්‍රම්ප් පාලනය ඉරානය සමග එළඹි එකගතාවයන්ගෙන් ඉවත් වුවද ඇමෙරිකා නව ජනාධිපති ජෝ බයිඩන්ට ඉරානය සමග යහපත් සබදතාවක් ඇතිකර ගැනීමට මෙය හොදම අවස්ථාව ලෙසයි ඔහු මෙය හදුන්වා දෙන්නේ.
The post ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ජගත් සංවිධානය ඇමෙරිකාවෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment