ඉන්දියන් සාගරයේ ආරක්ෂක උණුසුම ඉහළ නංවමින් ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි නෞකාවක් දියත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා.
අයි එන් එස් වික්‍රන්ට් නම් වන ප්‍රහාරක ගුවන් යානා රැගත් නෞකාවේ සාගර නිරීක්ෂණ චාරිකා මේ මස මුල් භාගයේදී ඇරඹීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ප්‍රංශය වැනි රටවල් සතුව ප්‍රහාරක ගුවන් යානා නෞකා රැසක් පැවතියත් ඉන්දියානු සාගර කලාපය තුළ මෙවැනි නෞකා හිමිවන්නේ චීනයට සහ ඉන්දියාවට පමණයි. ඉන්දියාව දියත් කිරීමට සූදානම් වන ප්‍රහාරක ගුවන් යානා නෞකාව එරට තුළම නිපදවූ එකක් බව සදහන්.
චීන ක්‍රියාකාරකම් ඉහළ යාම හමුවේ ඉන්දියන් සාගරයේ පවතින උණුසුම් ආරක්ෂක වාතාවරණය සැළකිල්ලට ගනිමින් ඉන්දියාව මෙම නෞකාව කඩිනමින් දියත් කිරීමට සැළසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
The post ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි නෞකාවක් දියත් කිරීමට ඉන්දියාව සූදානම් appeared first on ITN News.
Post a Comment