පේරු රාජ්‍ය යේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පේරු රාජ්‍ය යේ කදුකර ප්‍රදේශයක් හරහා ඇති මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 63 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා. දින කිහිපයක් තුළ පේරු රාජ්‍ය යේ සිදුවූ දෙවන බස් රථ අනතුර මෙයයි. පසුගිය සිකුරාදා මෙලෙස සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. කෙසේ වුවද පේරු රාජ්‍ය යේ කදුකර ප්‍ර දේශයන්හි මහාමාර්ග දැඩි අනතුරුදායක බව සැලකෙනවා.
The post පේරු රාජ්‍යයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment