පරාජයන් රැසක් මැද ජයග්‍රාහී මාවතට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ තවත් ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි.
ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා. විශිෂ්ඨ පිති හරඹයක නිතර වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 115 කදී ලකුණු 118 ක් ලබාගැනීමට සමත් වුණා. ඊට හයේ පහර දෙකක් හා හතරේ පහර 10 ක් ඇතුලත් වුණා.
වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලන්ක පන්දු 62 කකදී ලකුණු ලකුණු 72 ක් ලබා ගත්තා.ධනංජය සිල්වා ලකුණු 44 යි. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 300 ක් රැස් කර ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් ද සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු පන්දුවාර 30 නිමා වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා ගැනීමට සමත්ව සිටියා.
නමුත් තරගයේ අවසන් භාගයේදී දකුණු අප්‍රිකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගය ජයග්‍රාහී මාවතකට රැගෙන එමින් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක් හිමිකර දුන්නා.
දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී රැස් කළේ ලකුණු 286 ක් පමණයි.
දකුණු අප්‍රිකා පිල වෙනුවෙන් එයිඩ්න් මාප්රම් ලකුණු 96 යි.
The post ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 14ක ජයක් appeared first on ITN News.
Post a Comment