වයස අවුරුදු 18 ට වැඩි අවුරුදු 30ට අඩු පිරිස් සදහා වන කොරෝනා මර්දන එන්නත් වැඩසටහන අද ආරම්භ කළ බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කෝවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙල ක්‍රියාකාරීන් සදහා එන්නත් ලබාදීමේදී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සදහා ද යම් එන්නත් ප්‍රමාණයක් ලබාදී ඇති අතර ඇගලුම් කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හිදී එම වයස් කාණ්ඩයේ යම් තරුණ තරුණියන් සංඛ්‍යාවකට ද එන්නත් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර එම සංගමය කරුණු 18 කින් සමන්විත ලිපියක් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාරදීම ද සිදු වුණා.
The post 30ට අඩු පිරිස් සඳහා එන්නත් ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment