Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලෙයිබාන් සංවිධානය යටතට  

Add comments

20 වසරක ඇෆ්ගන් යුද්ධය නිමාවට පත් කරමින් ඇමෙරිකා ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටවී ගොස් දින දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය මේ වන විට  මුළුමනින්ම තලෙයිබාන් සංවිධානය යටතේ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ. හමුදා සාමාජිකයින් කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටව යාමෙන් අනතුරුව එහි කටයුතු මුළුමනින්ම ඇණහිට තිබෙනවා.  ඇමෙරිකා හමුදාව කාබුල් ගුවන් තොටුපළේ අතහැර දමා ගිය ගුවන් යානා බොහෝමයක ක්‍රියාකාරීත්වය  නතර කර තිබෙනවා.

ගුවන් තොටුපළ කටයුතු නැවත පණ ගැන්වීමේ අරමුණින් කටාර් රාජ්‍යයේ සිට තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් අද ඇෆ්ගනිස්ථානයට පැමිණියා. කඩිනමින් ම ගුවන්තොටුපළ කටයුතු යථා තත්ත්වයට පත්කර නව රජය පිහිටුවීමේ කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.  මේ අතර තලෙයිබාන් සංවිධානය තමන් සතුව ඇති අවි බලය ප්‍රදර්ශනය කිරීම සඳහා යුද රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණා.

අමෙරිකා හමුදා සතුව පැවති ප්‍රබල අවි ආයුධ රැසක් මේ වන විට තලෙයිබාන් සංවිධානය අතට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පිළිගැනීමට නම් ඔවුන් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු  බව යුරෝපා සංගමය ප්‍රකාශ කරනවා. කෙසේවුවද තමන් චීන රජය සමග වඩාත් සමීප සබදතාවක් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවයි තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරන්නේ. මේ අතර මාධ්‍යවේදිනියක් ප්‍රථමවරට තලෙයිබාන් සංවිධානයේ ප්‍රධානියකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ආකාරය ලොව පුරා මාධ්‍යයේ අවධානයට යොමු වුණා.

The post ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලෙයිබාන් සංවිධානය යටතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG