ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බව වාර්තා වනවා.
අමෙරිකා හමුදා නිල වශයෙන් පසුගිය 31 වනදා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යාමෙන් අනතුරුව කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කටයුතු මුළුමනින්ම තලෙයිබාන් සංවිධානය යටතට පත්ව තිබෙනවා. මේ වන විට ඇණ හිට ඇති ගුවන් තොටුපළ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා තලෙයිබාන් හි කටාර් කාර්යාලය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ. කාබුල් ගුවන් තොටුපළෙහි අතහැර දමා ගිය අමෙරිකානු ගුවන් යානා බොහෝමයක් විනාශයට පත් වූ ඒවා බවයි සැළකෙන්නේ. ගුවන් තොටුපළ කටයුතු ආරම්භ කිරීම අභියෝගාත්මක අවධියකට අවතීර්ණ වී ඇති බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.
The post හමීඩ් කර්සායි ගුවන් තොටුපොලේ කටයුතු ඇණහිටී appeared first on ITN News.
Post a Comment