කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ රත්නපුර මහරෝහලේ සේවය කළ ගිලන්රථ රියදුරු බී.ඒ. අමරජීව මහතාගේ දියණියට විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනැමීමට යුද හමුදාව කටයුතු කළා.
නිදන්ගත රෝගයක් තිබියදීත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සදහා සුවිශේෂී මෙහෙයක් ඉටු කළ බී.ඒ. අමරජීව මහතා මීට සති දෙකකට පෙර අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ කොරෝනා මාරයාට ගොදුරු වීමෙන්. ඔහුගේ රාජකාරිය ඇගයීමක් ලෙස ඒ මහතාගේ දියණියට අධ්‍යයන කටයුතු සදහා විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනැමීමට යුද හමුදාව කටයුතු කළේ, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මතයි.
මසකට රුපියල් 6600 ක් බැගින් අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් ලබා දෙන මෙම ශිෂ්‍යත්වයේ පළමු වාරිකය පරිත්‍යාග කිරිම සිදුවුණේ ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් එස්.එස්. වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ රත්නපුර මහරෝහලේ ගිලන්රථ රියදුරුගේ දියණියට ශිෂ්‍යත්වයක් appeared first on ITN News.
Post a Comment