නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අද දිනයේද දිවයිනේ සියලු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනවා. වකුගඩු දීමනා ,වැඩිහිටි දීමනා මෙන්ම මහජන ආධාර ගෙවීම මෙමඟින් සිදු කෙරෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට සැළකිය යුතු පිරිසක් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
උතුරු – නැගෙනහිර ඇතුලු දිවයිනේ සෙසු පළාත්වල ද වැඩිහිටි දීමනා ඇතුලු අනෙකුත් දීමනා ලබා ගැනීම සඳහා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල වෙත ජනතාව පැමිණ සිටි අතර නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් එම දීමනා ලබාදීමටයි පියවර ගෙන තිබුණේ. ආධාර මුදල් හිමිකම් කාඩ් පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සැලකෙනවා.
The post තැපැල් හා උප තැපැල් කාර්යාල අද දිනයේත් විවෘතයි appeared first on ITN News.
Post a Comment