ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගියා.
අයිඩා සුළි කුණාටුව සමග ඇති වූ අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක්, නිව්ජර්සි සහ නිව් ඔලින්ස් ප්‍රාන්තවලට දැඩි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. මහාමාර්ග යටවීම හේතුවෙන් ගමනාගමනය ද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.නිව් ඔලින්ස් ප්‍රාන්තයේ විදුලි සැපයුම ද තවමත් යථාතත්ත්වයට පත් කිරීමට නොහැකි බවයි පැවසෙන්නේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් සහ නිව්ජර්ස් ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද සැළකෙනවා.
The post ඇමෙරිකාවේ ප්‍රාන්ත දෙකකට හදිසි තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment