අමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් යානාව කනෙක්ටිකට් ප්‍රාන්තයේ රොබට්සන් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා. ගුවන් යානාව ගොඩනැගිල්ලේ ගැටීමත් සමග ගින්නක් ද හට ගැණුනා.
අනතුර සිදුවන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටි බවයි පැවසෙන්නේ.
ගින්නට හසුවූ විශාල පිරිසක් රෝහල්ගත කිරීමට ද කටයුතු කර තිබෙනවා. ගුවන්යානාවේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
The post අමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment