ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද නිවේදනය කර තිබෙනවා.
මේ මස අවසානයේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක තේරීමේ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි ජාපන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ. ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මීට වසරකට පෙර යොෂිහිඩේ සුගා ජපානයේ නව අග්‍රාමාත්‍යධුරයට පත් කෙරුණා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වය පිරිහී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ජපාන අගමැති සුගා ඉල්ලා අස්වෙන්න සූදානමක appeared first on ITN News.
Post a Comment