ඊයේ (02) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 3627දෙනෙකු හදුනාගැනීමත් සමග මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ හතලිස් හත් දහස් හත්සිය පනස් හත දක්වා ඉහළ ගියා.ඒ අතුරින් 59,985 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්යානව 378168 ක් වන අතර කොරෝනා මරණ 9604 ක් ද සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඊයේ දිනය තුළ පීසීආර් පරික්ෂණ 14,009 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 5134 ක් සිදු කළ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් කොයිම වෙලාවකවත් අමතක කරන්න එපා කියලා සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,627ක් appeared first on ITN News.
Post a Comment