Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට  

Add comments

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ පලමු වටයේ නෙදර්ලන්තය සමග පැවති අවසන් තරඟයෙන් පහසු ජයක් ලබමින් සුපිරි 12දෙනගේ වටයට අපරාජිතව පිවිසීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා පිළ, නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10කදී ලකුණු 44කට සීමා කළා. පසුගිය තරඟ වලදී මෙන් ඊයේත් සුපිරි පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ Colin Ackermann හැර වෙනත් කිසිඳු නෙදර්ලන්ත පිතිකරුවෙකුට ලකුණු 10යේ සීමාව පසුකිරීමට ඉඩ ලබා දුන්නේ නෑ. නෙදර්ලන්ත පිළේ වැඩිම ලකුණු ලාභියා වූ Colin Ackermann ලබා ගත්තේ ලකුණු 11ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ඊයේ දිනයේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර පන්දු වාර 3කදී ලකුණු 7ක් පමණක් ලබා දෙමින් නෙදර්ලන්ත පිලේ කඩුලු 3ක් ලබා ගත්තේ තරඟයේ වීරයා‌ බවටද පත් වෙමින්. ඊට අමතරව වනිදු හසරංග කඩුලු 3ක් හා මහේෂ් තීක්ෂණ කඩුලු 2ක් ද ලබා ගැනීමට සමත් විය

ශ්‍රී ලංකා පිළ පන්දුවාර 7.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 45ක් රැස් කරමින් තරඟයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා. නැවතත් සුපුරුදු රිද්මයට පිවිසුනු කුසල් පෙරේරා වෙගවත් ලකුණු 33ක් ලබා ගත්තේ පන්දු 24කින්. නෙදර්ලන්ත පිළ වෙනුවෙන් Brandon Glover සහ Paul van Meekeren එක් කඩුල්ල බැගින් ලබා ගත්තේය

ඒ අනුව නෙදර්ලන්ත පිල ඔවුන් සහභාගී වූ තරඟ 3න්ම පරාජයට පත්වීම නිසා තරඟාවලියේ පලමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුනා. A කාණ්ඩය යටතේ සහභාගී වූ තරඟ 3ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ තරඟ 2ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 2වන ස්ථානයට පත්වූ නැමීබියා කණ්ඩායම සුපිර් 12 දෙනගේ වටයට සුදුසුකම් ලැබීය

සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පලමු තරඟය ලබන 24 වනදා බංග්ලාදේශය සමඟ පැවැත් වීමට නියමිතයි. එම වටයේදී ශ්‍රී ලංකා පිළට ප්‍රභල එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දිය කොදෙව් හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ තරඟවැදීමට සිදුවනු ඇත.

The post ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG