ඉන්දියාවේ ටිබෙට් දේශ සීමාවේ කදු තරණය කිරීමට ගිය පිරිසකගෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ටිබෙට් දේශ සීමාවේ මුහුදු මට්ටමේ සිට අඩි දාහත්දහසක් උසින් පිහිටි ලම්බගා දුර්ගය තරණය කිරීමට ගිය පිරිසක් අතුරුදන් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සංචාරකයින් සහ මග පෙන්වන්නන් එම පිරිසට ඇතුළත්. පසුගිය 18 වනදා ඇතිවූ අධික හිමපතනය හේතුවෙන් මෙම පිරිස අතුරුදන් වූ බව මූලික තොරතුරුවලින් හෙළිව තිබුණා.
පිරිස් සොයා සිදුකළ මෙහෙයුම්වලින් 11 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිව තිබෙනවා. අතුරුදන් වූ සෙසු පිරිස් සොයා ඉන්දීය ගුවන් හමුදාව මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.
The post ඉන්දියාවේ ටිබෙට් දේශ සීමාවේ කදු තරණය කිරීමට ගිය පිරිසකගෙන් 11ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment