Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ සන්නද්ධ නායකයෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ සන්නද්ධ නායකයෙකු ජීවිතක්ෂයට පත්වූ බව පෙන්ටගනය අද නිවේදනය කළා.

සිරියාවේ දකුණුදිග ප්‍රදේශයේ කදවුරක සිට මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා. ප්‍රහාරයෙන් මියගියේ අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අබ්දුල් හමීඩ් අල් මටාර් බවයි පැවසෙන්නේ. මොහුගේ මරණය හේතුවෙන් අල්කයිඩා සංවිධානයට තවදුරටත් ගෝලීය ප්‍රහාර සැළසුම් කිරීමේ හැකියාව දුර්වල වනු ඇති බවයි පෙන්ටගනය සදහන් කරන්නේ. ඩ්‍රෝන ප්‍රහාරයෙන් අන් කිසි‍වෙකුටත් හානි සිදුව නැහැ.

පසුගිය සැප්තැම්බර් මාසය අවසානයේ ද සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ දී ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් ජෙෂ්ඨ අල්කයිඩා නායකයෙකු වන සලීඩ් අබු අහමඩ් ඝාතනය කෙරුණා.

 

 

 

 

 

The post ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ සන්නද්ධ නායකයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG